Windows 7 වල Boot Screen එක වෙනස් කරමු....
ඔන්න එහෙනම් අදත් අලුත්ලිපියක් අරන් ආව. අද මම කියල දෙන්න යන්නෙ හැමදාම එකම විදියට තියන ජනෙල් 7 Boot Screen එක වෙනස් කරන්නෙ කොහෙමද කියලා. මේක කරන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකකින්. එහෙනම් කරල බලමුද......?
මුලින්ම මෙන්න මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් Boot Screen බාගන්නකෝ. ඔයා කැමති එකක් බාගන්න.
දැන් බාගත්ත ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරපුවාම Win7BootScreenUpdater.exe කියල ෆයිල් එකක් ඇති. ඒක ඕපන් කරගන්න.
ඊට පස්සෙ File > Load Boot Screen වලට ගිහින් ඔයා එක්ස්ට්‍රැක්ට් කරගත්ත
ෆොල්ඩර් එකේ තව ෆයිල් එකක් ඇති ඒක තෝරල දෙන්න. ඒක තමයි අපේ Boot Screen
වෙන්නෙ.
ඔයාම හදාගත්ත පින්තූරයක් දාන්න ඕනිනම් Animation කියන තැනින් Static Image කියන එක තෝරල ඔයාගෙ ෆයිල් එක තෝරල දෙන්න.
එහෙනම් වැඩේ හරි නේද? තවත් අලුත් ලිපියකින් හම්බවෙමු. ජය වේවා....!
ප්‍රශ්න තියන නම් කමෙන්ට් කරල අහන්න. මේ ගැන ඔයාගෙ අදහසත් කමෙන්ට් කරලම යන්න.
No comments:
Post a Comment